Home Rugby වසර 38කට පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පාසල් රග්බි ශූරතාව දිනයි – දෙක...

වසර 38කට පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පාසල් රග්බි ශූරතාව දිනයි – දෙක තුන ගන්න තියුණු සටනක්

2025 වසරේ පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් වුණා.

පාසල් 18 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසින් ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජය ගන්නට සමත් විය.

ඔවුන් මෙම ශූරතාව දිනා ගත්තේ කොළඹ වෙස්ලි විද්‍යාලය සමග තරග ලකුණු 23ට 21ක් ලෙස ජය ගැනීමත් සමගය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වසර 38කට පසු අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව දිනා ගැනීමත් කැපී පෙනුණා.

මේ අතර ශූරතාව වටයේ පැවැති අනෙක් තරගවලින් කොළඹ රාජකීය විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ද ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here