Home Athletics ලෙසඳු සහ නදීෂා අවසන් තරගයට – චමෝද 100m ජයගනී 

ලෙසඳු සහ නදීෂා අවසන් තරගයට – චමෝද 100m ජයගනී 

දකුණු කොරියාවේදී පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාව අද ආරම්භ විය.

කාන්තා මිටර 400 අවසන් තරගයට පිවිසීමට නදීෂා රාමනායක සමත් විය.

නදීෂා  මීටර 400 ඉසව්වේ මූලික වටයේදී තත්පර 53.77 ක කාලයක් සමඟින් තෙවන ස්ථානයට පත්වුණා.

පිරිමි උස පැනිමේ සුදුසුකම් ලැබිමේ වටයේදී ලෙසඳු අර්ථවිදු පහසුවෙන් මීටර් 2.10 ක් සාර්ථක කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

කාලිංග කුමාරගේ මීටර් 400 මූලික වටයේදී තත්පර 46.77 ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

චමෝද් යෝදසිංහ මීටර් 100 මූලික වටය තත්පර 10යි 40කින් අවසන් කර ජය ගෙන අවසන් පූර්ව වටයට පිවිසියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here