Home Athletics ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට 

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට 

හොංකොංහි පැවැති 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ (U20) මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 04ක් ඇතුළුව සමස්ත පදක්කම් 08ක් දිනා ගනිමින්, ආසියාවේ ප්‍රබල රටවල් රැසක් අභිබවා සමස්ත පදක්කම් සටහනේ 08 වැනි ස්ථානය  හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  අලුයම 06.10 ට UL 885 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 

රන් පදක්කම්: තරුෂි අභිෂේකා (කාන්තා මීටර් 1500 – විනාඩි 04:31.41), රන්සිනි පෙරේරා (කාන්තා මීටර් 200 – තත්පර 24.07)

රිදී පදක්කම්: තරුෂ මෙන්ඩිස් (පිරිමි උස පැනීම – මීටර් 2.14), නෙත්සර දිනෙත් (පිරිමි මීටර් 800 – විනාඩි 01:49.22)

ලෝකඩ පදක්කම්: සදෙව් රාජකරුණා (පිරිමි මීටර් 200 – තත්පර 21.13), මිහින්සා අබේරත්න (කාන්තා උස පැනීම – මීටර් 1.72), තරුෂි අභිෂේකා (කාන්තා මීටර් 800 – විනාඩි 02:07.97) සහ 4×400 මීටර් මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here