Home Cricket 96න් පසු නොලද ලෝක කුසලාන ජය

96න් පසු නොලද ලෝක කුසලාන ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය කඩුලු 5කින් පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලද තුන්වැනි තරග පරාජය මෙයවන අතර මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 209ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 61ක් ද ,කුසල් ජනිත් පෙරේරා ලකුණු 78ක් ද ලබා ගත්තා.

චරිත් අසලංක ලකුණු 25යි.

ඇඩම් සැම්පා ලකුණු 47කට කඩුලු 4ක් ද,මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුලු 2ක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 35යි පන්දු 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා තරගය ජය ගත්තා.

මිචෙල් මාෂ් ලකුණු 52ක් ද,මානස් ලබුෂයින් ලකුණු 40ක් ද,ජෝෂ් ඉන්ලිෂ් ලකුණු 58ක් ද ලබා ගත්තා.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 38කට කඩුලු 3යි.

ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගයෙන් පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලානයකදී තරගයක් මෙතෙක් ජය ගෙන නැහැ.

Australia’s captain Pat Cummins (3L) celebrates with teammates after taking the wicket of Sri Lanka’s Pathum Nissanka during the 2023 ICC Men’s Cricket World Cup one-day international (ODI) match between Australia and Sri Lanka at the Ekana Cricket Stadium in Lucknow on October 16, 2023. (Photo by TAUSEEF MUSTAFA / AFP) / — IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE — (Photo by TAUSEEF MUSTAFA/AFP via Getty Images)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here