Home Cricket ක්‍රීඩකයින්ට පාඩම් කියාදී ක්‍රීඩිකාවන් කොදෙව් තරගාවලිය ජයගනී

ක්‍රීඩකයින්ට පාඩම් කියාදී ක්‍රීඩිකාවන් කොදෙව් තරගාවලිය ජයගනී

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවිය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 31ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 92ක් පමණි.

කවීෂා දිල්හාරි ලකුණු 20කට කඩුලු 4ක්, අචිනි කුලසූරිය ලකුණු 16කට කඩුලු 2ක් සහ චමරි අතපත්තු ලකුණු 8කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 93ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

විශ්මි ගුණරත්න ලකුණු 50ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 28ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ලකුණු 20කට කඩුලු 4ක් සහ පිත්තෙන් ලකුණු 28ක් ලබාගත් කවීෂා දිල්හාරි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here