ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 654ට තවත් ලකුණු 610ක් ශ්‍රී ලංකාව පිටුපසින් සිටියි.
![](https://srilankasports.lk/wp-content/uploads/2025/01/IMG_1610.jpeg)
ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් උස්මාන් කවාජා ලකුණු 232ක් ද, නායක ස්ටීව් ස්මිත් ලකුණු 141ක් හා ජෝෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් ද ලබා ගත්තේය.
ටෙස්ට් තරගයක ප්‍රථම වරට ශ්‍රී ලංකා පන්දු යවන්නන් 3 දෙනෙකුට මෙම තරගයේදී ලකුණු 150 ඉක්මවා ලකුණු ලබා ගත්තේය.
![](https://srilankasports.lk/wp-content/uploads/2025/01/IMG_1612-1024x857.jpeg)
ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182 කඩුලු 3ක් ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 193 කඩුලු 3ක් හා නිෂාන් පිරීස් ලකුණු 189ක් ලබා තිබුණා.