2025 ශූරයින්ගේ කුසලානය දිනා ගන්නට ඉන්දියාව සමත් විය.
ඒ අවසන් තරගයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්.
ඩුබාහිදී පැවතුණු අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 7කට ලකුණු 251ක් ලබා ගත්තේය.
මෙහිදී නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 252ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය.
නායක රෝහිත් ශර්මා ලකුණු 76ක් රැස්කළා.
ශ්‍රෙයාස් අයියර් ලකුණු 48ක් හා කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 34ක් රැස්කළහ.

මෙය ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3වන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
ඒ අනුව ඔවුන් වැඩිම වාර ගණනක් ශූරයන්ගේ කුසලාන දිනාගත් කණ්ඩායම බවට පත්වුණා.


මීට පෙර ඉන්දියාව 2002 (ශ්‍රී ලංකාව සමග සම ශූරතාව) හා 2013 වර්ෂන්හිදී ශූරතාව ජයග්‍රහණය කර තිබුණි.



වසර 8කට පසුව පැවැත්වූ තරගාවලියේ ජයග්‍රාහකයන්ට ICCය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් පිරිනැමුණි.
එය ශ්‍රී ලංකා වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකය.
අනුශූරයන්ට හිමි වූ මුදල ඩොලර් මිලියන 1.12ක්.