IPL ක්රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා පැවැතුණු තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිස්සංක පන්දු 29කින් අර්ධ ශතකයක් ලබා ගත්තේය.
ඔහු මෙම ඉනිමට හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් එල්ල කළේය.

නමුත් මෙම තරගයෙන් කොල්කටා කණ්ඩායම කඩුලු 8ක් ජයක් ලබා ගත්තා.

තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 142ක් කඩුලු 8ක් දැවී ලබා ගත්හ.
කොල්කටා කණ්ඩායම පන්දුවාර 14.2කදී කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබා තරගය ජය ගත්තේය.
ෆින් ඇලන් පන්දු 47කින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.



