බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක Marlon Samuelsට වහාම ක්‍රියාත්මක වන පරිදි වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
2019 වසරේ දී අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහුට දූෂණ විරෝධී චෝදනා එල්ල වූ අතර පසුව සිදු කළ නඩු විභාගයකින් ඔහු වරදකරු ලෙස තහවුරුව තිබෙනවා.
2012 T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් තරගයේදී Marlon Samuels ක්‍රීඩා කළ ඉනිම සහ 2016 T20 ලෝක කුසලානයේදී ඔහුගේ ඉනිම කැපී පෙනුණා.
දෙවරක් T20 ලෝක කුසලානය සිය කණ්ඩායමට දිනා දීමට විශාල දායකත්වයක් සැපයූ ඔහු ක්‍රීඩාවට අපකීර්තිය ගෙන දෙන සිදු වීමක් සඳහා ලැබූ ත්‍යාගයක් හෝ මුදලක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශන නිලධාරියාට වාර්තා නොකිරීම යටතේ ඔහුට මූලික චෝදනා ගොනු කර තිබුණා.
එමෙන්ම ඩොලර් 750ක කුවිතාන්සියක් ඔහු විසින් හෙළි නොකිරීම සහ අදාළ විමර්ශන කටයුතු සඳහා සහය නොදක්වා එයට බාධා හෝ ප්‍රමාද වන ලෙස කටයුතු සිදු කිරීම යටතේ ඔහුට තවත් චෝදනා එල්ල වුනා.
Marlon Samuels හට එල්ල වූ චෝදනා,
1 වගන්තිය .4.2 – ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තියක් ගෙන දෙන ක්‍රියාවක් වෙනුවෙන් ලැබෙන මුදලක්, ත්‍යාගයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ගැන විමර්ශන
නිලධාරියා දැනුවත් නොකිරීම.
2 වගන්තිය 3.4 – ඇමරිකානු ඩොලර් 750ක් හෝ ඊට වැඩි සත්කාරයක් සඳහා අදාළ කුවිතාන්සිය විමර්ශන නිලධාරියාට ලබා දීමට අපොහොසත් වීම.
3 වගන්තිය 4.6 – නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියා සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම.
4 වගන්තිය 4.7 – විමර්ශනයට අදාළ තොරතුරු වසන් කරමින් දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයට බාධා හෝ ප්‍රමාද කිරීම.
ඒ අනුව Samuels හට 2023 වසරේ නොවැම්බර් මස 11 සිට බලාත්මක වන පරිදි වසර 6ක තහනමක් පැනවෙනවා.