Home Cricket මැතිව්ස්ට කළ දේ මාසයකින් මුෂ්ෆිකර් රහීම්ට පළදීම

මැතිව්ස්ට කළ දේ මාසයකින් මුෂ්ෆිකර් රහීම්ට පළදීම

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව අතින් ඇල්ලීම වරදට බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් දැවී ගියා.

පන්දු රකින ක්‍රීඩකයින්ට බාධා කිරීම නිසා රහීම් දැවී ගියේය.

2017 වසරේ ICC වෙනස් කළ නීතිය අනුව පන්දු රකින්නන්ට බාධා කිරීමේ නිතීයේ වගන්තියකටම පිතිකරුවෙකු පන්දුව අතින් ඇල්ලීමේ වරද ද ඇතුළත් කෙරුණා.

මුෂ්ෆිකර් රහීම් පන්දුව ඇල්ලීමේ වරදට දැවී ගිය 11 වන ක්‍රීඩකයායි.

එක්දින ලෝක කුසලානයේදී ඇන්ජලෝ මැතිව්ස් Time OUT ක්‍රමයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් දවා ගෙන මාසයක් ගතවන තැන රහීම් දැවී ගියා.

එම තරගය පැවැත්වුණේ 2023 නොවැම්බර් මස 6 වනදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here