Home Cricket හිට්මැන් ලෝක වාර්තා පොත අලුත් කරයි

හිට්මැන් ලෝක වාර්තා පොත අලුත් කරයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන සමග පැවැති තරගයේදී ලොව වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා බවට ඉන්දීය නායක රෝහිත් ශර්මා පත් වුණා.

ඔහු මේවන ව්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී හයේ පහර 556ක් එල්ල කර තිබෙනවා.

රෝහිත් මෙම තරගයේදී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියකදී රැස්කළ 7වැනි ශතකය ලබා ගත් අතර එය ලොව ඕනෑම ක්‍රීඩකයෙකු ලෝක කුසලානයකදී ලබා ගත් වැඩිම ශතක සංඛ්‍යාවේ ලෝක වාර්තා ද වනවා.

මෙහිදි ඔහු පන්දු 63කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර එය ඉන්දියානුවෙන් එක්දින ලෝක කුසලානයේදී වාර්තා කළ වේගවත්ම එක්දින ශතකයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here