යුරෝපා Nations League පාපන්දු තරගාවලියේ අවසන් තරගය පෘතුගාලය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණා.
එම තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝල 2-2 බැගින් රැස් කරගෙන සිටීම හේතුවෙන් අතිරේක කාලයකට යොමුවීමට සිදු විය.

එහිදී ද ස්පාඤ්ඤයට හා පෘතුගාලයට ගෝල රැස්කිරීමට නොහැකි වීම තුළින් තරගය දඬුවම් පහර වෙත යොමු විය.
දඬුවම් පහර 5- 3ක් ලෙස සාර්ථක කර ගත් පෘතුගාලය 2025 යුරෝපා Nations League පාපන්දු කුසලානය හිමිකර ගත්තා.
