සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු තරගයෙන් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
පළමු අර්ධය අවසන් වන විට නවසීලන්තය ලකුණු 16ට 13ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.




කොළඹ තුරග තරග පිටියේදී පැවති මෙම තරගයේදී ලකුණු 16-27ක් ලෙසින් ඔවුන් මෙම ජයග්‍රහණය ලැබීය.
දෙවන තරගය එළැඹෙන මැයි මස 03 වැනි දින පැවැත්වීමට නියමිත අතර ඒ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදීයි.




