මධ්‍යම හා දකුණු ආසියා සත් සමාජික රග්බි ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අවසන් තරගයේදී ඉන්දියා කණ්ඩායම ලකුණු 31ට 10ක් ලෙස පරාජය කරමින්.
තරගාවලියේ කාන්තා සත් සමාජික රග්බි ශූරතාව ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනා ගන්නට සමත් වුණා.
ශ්‍රී ලංකාව අවසන් තරගයේදී කසකස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 27ට 00ක් ලෙස පරාජය කළා.
තරගාවලිය මෙවර උස්බෙකිස්ථානයේදී දින 2ක් පුරා පැවැත්වුණා.



