2024 T20 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ප්‍රබල කණ්ඩායම වන පාකිස්ථානය ,නවසීලන්තය ,ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ඉවත් වන්නට සිදු විය.
ශ්‍රී ලංකා කණ්ඩායම D කාණ්ඩයේ දකුණු අප්‍රිකා සහ බංග්ලාදේශ තරග මෙන්ම නේපාල තරගය වර්ෂවට සේදී යාමත් සමග තරගාවලියෙන් ඉවත් විය.
පාකිස්ථානය අමෙරිකාව සහ ඉන්දියාව හමුවේ ලද පරාජයන් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වුණා.
A කාණ්ඩයේ ඉන්දියාව සහ අමෙරිකාව සුපිරි 8 දෙනාගේ තරග වටයට පිවිසුණු අතර එහිදි අමෙරිකාව, පාකිස්ථාන තරගයට අමතරව කැන්ඩාව පරාජය කළ අතර අයර්ලන්ත තරගය වර්ෂාවෙන් සේදී යෑම නිසා එක් ප්‍රසාද ලකුණක් ඔවුන්ට හිමි විය.
C කාණ්ඩයේ නවසීලන්ත, ඇෆ්ගනිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් විය.
එම කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් හා ඇෆ්ගනිස්ථානය සුපිරි 8 දෙනා අතරට එක් විය.
මේවන විට ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව,බටහිර ඉන්දීය කොදෙව්වන් ,ඇෆ්ගනිස්ථානය,අමෙරිකාව සහ දකුණු අප්‍රිකා සුපිරි 8 දෙනා අතරට එක්ව තිබේ.