Home Football මෙසී ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි

මෙසී ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි

ආර්ජන්ටිනාවෙන් බිහි වූ ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ලි‍යොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

මෙය තමාට වේදනාකාරී තීරණයක් වූ නමුත්, නිවැරදි කාලය එළඹ ඇති බව තමාට වැටහෙන බව ඔහු පවසා ඇත.

වයස අවුරුදු 39 ක් වන මෙසී, 2022 වසරේ කටාර්හිදී පැවති පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය කරා ආර්ජන්ටිනා කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

ඔහු ජාත්‍යන්තර තරග 207 කදී ගෝල 125 ක් ලබා ඇති අතර, එය ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් සහ වැඩිම තරග සංඛ්‍යාවක් නියෝජනය කළ ක්‍රීඩකයා ලෙස මෙසී ඉතිහාස ගත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here