2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
පසුගිය වර පාපන්දු ලෝක ශූරයින් වූ ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලානයක පහස විඳ ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසෙන අතර ස්පාඤ්ඤය අවසන් සටනට පිවිසෙන්නේ 2010 වසරෙන් පසු 16 වසරකින් පාපන්දු ලෝක ශූරයින් වීමේ අරමුණ ඇතිවයි.
ලෝක ශූරයින් තීරණය කෙරෙන අවසන් තරගය මධ්‍යම රාත්‍රි 12.30ට ආරම්භ වනවා.



