Home Football ඉරානය 2026 පාපන්දු ලෝක කුසලානයට එයි ද ? 

ඉරානය 2026 පාපන්දු ලෝක කුසලානයට එයි ද ? 

ඉරාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වනු ඇතැයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විශ්වාසය පල කරනවා.

ඒ, මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී විය නොහැකි බවට එරට ක්‍රීඩා අමාත්‍යවරයා පවසන පසුබිමකදීයි.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇමරිකාව, මෙක්සිකෝව සහ  කැනඩාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, ඉරානය සහභාගි තරග ඇමරිකාවෙන් පිටතදී පවත්වන ලෙසට ඉල්ලීමක්ද කර තිබෙනවා.

කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපතිවරයා පවසන්නේ ඉරාන පාපන්දු කණ්ඩායමේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් FIFA සහතික වන බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here