Home Football පාපන්දු ලෝක කුසලානයේ වැඩිම ගෝල ලාභියා වූ මෙසී

පාපන්දු ලෝක කුසලානයේ වැඩිම ගෝල ලාභියා වූ මෙසී

2026 ලෝක කුසලාන පාපන්දු තරගයේදී ආර්ජන්ටිනාව හා ඔස්ට්‍රියාව අතර තරගයේදී ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ගෝල 2ක් වාර්තා කළේය.

මෙම ගෝල දෙක සමග ආර්ජන්ටිනාව තරගය ද ගෝල 2-0ක් ලෙස ජය ගත්තේය.

ඒ සමග මෙසී පාපන්දු ලෝක කුසලානයක වැඩිම ගෝල ගණනක් රැස්කළ ක්‍රීඩකයා බවට ද පත් විය.

ඒ තරග 28කදී ගෝල 18 ක් ලබා ගනිමින්ය.

මීට පෙර මෙම වාර්තාවට ගෝල 16ක් ලබා ගෙන තිබුණු ජර්මනියේ Miroslav Klose හිමිකම් කීවේය.

Miroslav Kloseට අමතරව ප්‍රංශයේ කිලියන් ම්බපේ ද ගෝල 16ක් ලබා ගෙන සිටියි.

ඒ ඉරාකය සමග තරගයේදී ලබා ගත් ගෝල දෙක ද සමගයි.

ප්‍රංශය ගෝල 3-0ක් ලෙස ඉරාකය පරාජය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here