Home Football පාපන්දු ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර මැදියම් රැයේදී

පාපන්දු ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර මැදියම් රැයේදී

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර තරගය හෙට අලුයම ඇමෙරිකාවේ ඩලස්හි AT&T ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙවරක් ලෝක ශූරයන් වූ ප්‍රංශය, කිලියන් ම්බපේගේ නායකත්වයෙන් තවත් ලෝක කුසලාන අවසන් තරගයක් ඉලක්ක කරමින් පිටියට පිවිසෙනවා. 

යොවුන් සුපිරි ක්‍රීඩක ලාමින් යමාල්ගේ දක්ෂතා මත විශ්වාසය තබා සිටින ස්පාඤ්ඤය සිය දෙවැනි ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමේ අරමුණින් මෙවර තරග බිමට පිවිසෙනු ඇති.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12.30ට ආරම්භ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here